පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමේදී සිය පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කළ තවත් සභිකයින් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරියේදී අත්හිටුවීමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

පළාත් පාලන ආයතන 100ක බලය පිහිටු වීමේ සිය ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇත්තේ රහස් ඡන්ද පැවැත් වීම හේතුවෙන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙහිදී කියා සිටියේ.