බදුරලිය, තුඹගල්ල කන්ද කැළෑබද ප්‍රදේශයක සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කිසියම් පුද්ගලයෙකු එම කැළෑබද ප්‍රදේශයට පැමිණෙන බවට බදුරලිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එහිදී කළු පැහැති ගමන් බෑගයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් 60ක් සොයාගෙන තිබෙනවා.
එම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි පහ හමාරකට ආසන්න බවයි පැවසෙන්නේ.
කිසියම් ස්ථානයක සිට එම අයිස් මත්ද්‍රව්‍ය තොගය අසුරා ඒවා ගමන් බෑගය බහා තවත් පුද්ගලයෙකුට රැගෙන යාම සඳහා මෙලෙස මෙම ස්ථානයේ තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය විදේශයක සිට මෙම ස්ථානයට රැගෙනආ පුද්ගලයා සහ ඒවා කිනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කරන බවයි බදුරලිය පොලීසිය පැවසුවේ.






