බුලත්කොහුපිටිය නගරයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සහ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අළෙවි කිරීමට මත්පෙති තොගයක් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබි මත්පෙති 1,287ක් සහ නීති විරෝධී දුම්වැටි 7,000 ක් සොයාගත් බවයි බුලත්කොහුපිටිය පොලීසිය පැවසුවේ.

එම දුම්වැටි සහ මත්පෙතිවල වටිනාකම රුපියල් ලක්‍ෂ 15කට අධික වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බුලත්කොහුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.