Published
මැදපෙරදිග උත්සන්න වන ආතතීන් හේතුවෙන් ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් ගමන්වල වෙනස්කම් සිදු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.
ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග මතුවෙමින් පවතින යුද උණුසුම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශ වසා දමා තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස, ගැටුම් කලාපය මඟ හැරීම සඳහා මෙම මාර්ග වෙනස්කම් සිදු කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ.
ඒ අනුව යුරෝපා කලාපයේ ගුවන් ගමන් කාලය වැඩි වී ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළා.
අද දිනයේ ලන්ඩන් සිට කොළඹට පැමිණෙන ඹඛ 504 ගුවන් යානයේ එම ගුවන් ගමන වෙනස් කිරීම හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා දෝහා ගුවන් තොටුපොල වෙත හරවා යවා ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.