සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගත් ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර ඔස්සේ දිවයිනට රැගෙන ආ බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

48 හැවිරිදි ඔහු දීර්ඝ කාලයක් ඩුබායි හි සැගවී සිටි මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බටුවත්තේ චාමර, තුසිත හල්ලොලු‍ව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම , ගනේමුල්ල සංජීව ඝාතනය සදහා අවිය ලබා දීම ඇතුළු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ ගනනාවකට මෙන්ම මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු බවයි පැවසෙන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගිය බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.