Published
වේරහැර, ජනතා මාවත ප්‍රදේශයේදී ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍ර සකස් කළ සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
ව්‍යාජව සකස් කළ තාවකාලික රියදුරු බලපත්‍රයක් සන්තකව සිටි පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනතා මාවත ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන් වැඩිදුර විමර්ශන සදහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.



