Published
ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මාලදිවයින පරාජය කරමින් තවත් විශිෂ්ට ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.
තරගයේ අවසාන ප්රතිඵලය වූයේ ලකුණු 78ට 33ක්.
මෙය මෙම තරඟාවලියේ මූලික වටයේ ශ්රී ලංකාව සහභාගී වූ අවසන් තරගයයි.
මීට පෙර පැවති තරඟවලදී ඉන්දියාව සහ මැලේසියාව ද පරාජය කිරීමට ශ්රී ලංකාව සමත් වුණා.
සිංගප්පූරුව හමුවේ ශ්රී ලංකාව පරාජය වූ අතර සත්කාරක හොංකොං කණ්ඩායම සමග තරගය අවසන් වූයේ ලකුණු සමවීමෙන්.
දැක්වූ මෙම දක්ෂතා සමග ශ්රී ලංකා කණ්ඩායම දැන් මෙවර ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
ශ්රී ලංකාව සහභාගි වන අවසන් පූර්ව තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.




