හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම සඳහා සිය අදහස් සහ යෝජනා ඉදිරියේදී ජනාධිපතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමය පවසනවා.

සිය ගැටලුවට විසඳුම් ලබා ගැනීම එම සාකච්ඡාවල අරමුණ බවයි එහි ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසුවේ.

එවන් පසුබිමක් තුළ පෙරහැර සඳහා අලි ඇතුන් සොයා ගැනීම ද අභියෝගයක් වී ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.