Published
පෞද්ගලික සමාගම් තුනට අයත් ඉන්ධන පිරවුම්හල්වල තවදුරටත් පෝලිම් දක්නට ලැබෙන බව නෙත් නිවුස් නියෝජිතයින් පවසනවා.
මෙරට ඉන්ධන සපයන පෞද්ගලික සමාගම් තුන ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීම ඊට හේතුවි තිබෙනවා.
ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඇතැම් පිරවුම්හල්වල ද දැන් පෝලිම් දක්නට ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ.
උද්ගතව ඇති ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.
එහිදී විෂයභාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ අත්සන් කළ ගිවිසුම් අනුව අවම තෙල් තොග පවත්වා ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම් වෙත ලිඛිතව දැන්වූ බවයි.




