Published
වේගයෙන් ඉහළ යමින් තිබූ අමෙරිකානු ඩොලරයේ මිල අද සුළු වශයෙන් අඩු වුණා.
ඊයේ රුපියල් 354යි ශත 03 ක් වූ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 353යි ශත 17 ක් ලෙසයි.
ඒ අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද දිනය තුළ ශත 86 කින් අඩු වී තිබෙනවා.
ශ්රී ලංකා මහබැංකුවේ දත්තවලට අනුව බි්රතාන්ය පවුමක අද විකුණුම් මිල රුපියල් 475යි ශත 12 ක්.
යූරෝ එකක විකුණුම් මිල රුපියල් 411 යි ශත 51ක් වනවා.
වාහන මිලටද ඉතා සංවේදි ජපන් යෙන් එකක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් දෙකයි ශත විසි දෙකක් ලෙසයි.
මේ අතර අමෙරිකානු ඩොලරයේ මිල සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.




