2027 අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ හත්වන දිනය සහ අවසන් දිනය අදයි. ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 6 ට පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2027 වසර සඳහා වන අයවැය කථාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.