මෙරට වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් 40,000ක් පමණ ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල නිරත වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා.
ඔවුන් අතර කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැතිව ඖෂධ අලෙවිසැල්වල සේවය කිරීමෙන් ලබාගත් දැනුම මත රෝගීන්ට ඖෂධ ලබාදෙන පුද්ගලයින්ද සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එවැනි පුද්ගලයින් විසින් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම බරපතළ ගැටලුවක් බවත්, ඒ පිළිබඳ සමාජය තුළ පුළුල් සංවාදයක් ඇතිවිය යුතු බවත්, ඔහු අවධාරණය කළා.
එමෙන්ම මෙරට ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස භාවිත කිරීම හේතුවෙන් විෂබීජවල ඖෂධ ප්‍රතිරෝධීතාව ඉහළ යමින් පවතින බවත්, ඇතැම් රෝගීන් ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන අවස්ථාවලදී පවා ඒවා භාවිත කිරීමට පෙළඹී සිටින බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු මහතා වැඩිදුරටත් පැවසුවා.
"...විශේෂයෙන් ප්‍රතිජීවක සම්බන්ධව. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ දැනට ප්‍රතිජීවක භාවිතය ඉතාමත්ම ලංකාවේ ඉහළයි. සමහරවිට ප්‍රතිජීවක අවශ්‍ය වෙන්න නැති අවස්ථාවලදී පවා රෝගීන් ප්‍රතිජීවක පාවිච්චි කරනවා. ඒක කීප ආකාරයකින් වෙනවා. පළවෙනි කාරණය රෝගීන් ගෙවල් වලදීම ලෙඩ සඳහා ප්‍රතිජීවක ලබා ගන්නවා. දෙවෙනි කාරණය ඒගොල්ලෝ වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා ඉල්ලනවා අපිට ප්‍රතිජීවක ලබා දෙන්න කියලා. තුන්වෙනි එක වෛද්‍යවරුනුත් මේ වගේ දේවල් ජනතාව ඉල්ලයි කියලා හිතලා, මේක දුන්නොත් ඉක්මනට අඩු වෙයි කියලා හිතලා වෛද්‍යවරුනුත් නිතරම ප්‍රතිජීවක පාවිච්චි කරනවා. විශේෂයෙන් අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වලදී. ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුළ හතළිස් දාහක් විතර වෛද්‍යවරු නොවන අය බෙහෙත් නිකුත් කරනවා. මේ අයගෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිජීවක ලැබෙනවා. ආර්ථිකව අනිත් රටවල් වල ප්‍රතිජීවක භාවිතය මේ විදිහට කරන්න බැහැ. ඉතාමත්ම අමාරුයි ප්‍රතිජීවකයක් වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගන්න. මෙහෙම ගියොත් එහෙම වෙන්නේ ඉදිරියේදී අපි සිංහලෙන් කියනවා නම් බෙහෙත් අහන්නේ නැති වෙනවා."




