අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන් අද දිනයේදී දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20 ක් මෙම වැඩ වර්ජනයට එක්වන බවයි එම සංගමයේ සභාපති එල්. එම්. උදයසිරි මහතා පැවසුවේ.
"රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20ක් දීපව්‍යාප්තව එක්දින වැඩ වර්ජනයක් කිරීමට තීරණය කරලා තියෙනවා. ඒකට ඇත්තටම හේතු වුණේ රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන, විශේෂයෙන්ම වෘත්තිකයෝ, විධායක සේවාවන් 20ක් නොසලකා හරිමින්, ඒ සම්බන්ධව කිසිදු අවධානයක් යොමු නොකරමින් 2027 අයවැය යෝජනා මගින් මේ රටේ විධායක සේවාවන්හි තෝරාගත් ක්ෂේත්‍ර කීපයක් අරගෙන විශේෂයෙන්ම දීමනා ඉහළ නැංවීමක් සිදු කර තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේක තමයි ප්රශ්නය..."
ඒ අනුව අද දිනයේදී දිවයින පුරා රාජ්‍ය ආයතන රැසක පරිපාලන කටයුතුවලට බාධා එල්ල විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.




