2026 ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වේ ශ්රී ලංකාවේ ප්රධානතම රන් පදක්කම් බලාපොරොත්තුව වන රුමේෂ් තරංග අද (28) පස්වරුවේ තරග බිමට පිවිසීමට නියමිතයි.
ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 4:55 ට හෙල්ල විසිකිරීමේ අවසාන තරගය පැවැත්වෙන අතර, එහිදී ඔහු පදක්කම වෙනුවෙන් තරග වදිනවා.
මෙවර ආසියානු තරග බිමේදී මීටර් 92.62 ක ජාතික වාර්තාවකට හිමිකම් කියන රුමේෂ් තරංග, මෙතෙක් ලොව වාර්තා වූ හොඳම දුර ප්රමාණයන් අතර ඉදිරියෙන්ම පසුවන ක්රීඩකයෙකු වනවා.
මීට අමතරව සුමේධ රණසිංහ ද ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම ඉසව්වට එක්වීමට නියමිතයි.
ඉන්දියාවේ නීරජ් චොප්රා සහ පාකිස්ථානයේ අර්ෂාඩ් නදීම් වැනි ලෝක මට්ටමේ ප්රබල ක්රීඩකයින් රැසක් සමගින් රුමේෂ් තරංග අද මෙම සටනට පිවිසෙන අතර, ශ්රී ලංකාවට ආසියානු ක්රීඩා උළෙලකදී හිමිවන මීළඟ රන් පදක්කම දිනාදීමට ඔහු සමත්වනු ඇතැයි ක්රීඩා ලෝලීන් දැඩි බලාපොරොත්තුවෙන් පසුවනවා.




