සංචාරක ඉන්දීය A කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 25 ක් අවසානයේ  කඩුළු 2 ක් දැවි ලකුණු 86 ක් රැස්ගෙන සිටියා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය A කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පවන්ත වීරසිංහ සහ සොහාන්ද ලිවේරා පිටියට පිවිසියා.

පවන්ත වීරසිංහ ලකුණු 39කටත් සොහාන්ද ලිවේරා ලකුණු 28කටත් දැවී ගියා.

නොදැවී කඩුල්ලේ රැදී සිටින නුවනිදු ප්‍රනාන්දු ලකුණු 14 යි.

අශේන් බණ්ඩාර අනෙක් අන්තයේ රැදි සිටිනවා.