Published
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියට ගල් ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
වවුනියාව දුම්රිය ස්ථානය පසු කර ඉදිරියට ධාවනය වෙමින් තිබියදී එම දුම්රියට කිසියම් පුද්ගලයෙකු ගල් ප්රහාරය එල්ල කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගල් ප්රහාර එල්ල වී ඇත්තේ එම දුම්රියේ මැදියක පිවිසුම් දොරටුවක වීදුරුවකටයි.
කෙසේවෙතත් ඉන් කිසිදු මගියෙකුට තුවාල සිදුව නැහැ.
මේ අතර වැලිකන්ද දුම්රිය ස්ථානයට ඊයේ රාත්රි වන අලියෙකු පැමිණ තිබෙනවා.
එහි තිබූ ජනේලයක වීදුරුවකට එම වන අලියා පහරදි ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
කෙසේවෙතත් දුම්රිය ස්ථානයට වෙනත් කිසිදු හානියක් සිදුව නැහැ.




