තලවතුගොඩ - පන්නිපිටිය මාර්ගයේ කලල්ගොඩ ප්‍රදේශයේ පරණ බඩු එකතු කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සදහා ගිනි නිවීම් රථ 3 ක් ගිනි නිවීම් භටයන්ද සමග ස්ථානයට පැමිණ සිටින බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.

කෙසේවෙතත් ගින්න පාලනය කිරීමට තවමත් නොහැකිවී තිබෙනවා.

කලල්ගොඩ ප්‍රදේශයේ පරණ බඩු එකතු කරන ස්ථානයක අද මෙම ගිනි ගැනිම සිදුවන්නේ ජීවිත 4 ක් බිලිගත් කඩුවෙල ගින්න සහ කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ගොඩනැගිල්ලක ඉකුත්දා ඇති වු ගිනි ගැනීම් පිළිබදවද තවදුරටත් සංවාද ඇති වෙමින් තිබියදියි.