Published
විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරිමට නියමිත බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පවසනවා.
තරග 3 කින් යුත් ශ්‍රි ලංකා පාකිස්තාන විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් 9, 11 සහ 13 දිනවල රාවල්පින්ඩි ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.
අනතුරුව ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය ක්‍රිඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ඔක්තෝබර් 18 වැනිදා සිට ආරම්භ විමට නියමිතව තිබෙනවා.
එම තරග රාවල්පින්ඩි සහ ලාහෝර් ක්‍රිඩාංගණවල පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
අනතුරුව නොවැම්බර් 9 සිට තරග 2 කින් යුත් ශ්‍රී ලංකා, පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.




