ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ ක්ෂණිකව අත්පත් කරගත නොහැකි බවත්, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කරා රට ගෙන යාම සඳහා පාසල් මට්ටමින් ආරම්භ වන දීර්ඝකාලීන සැලැස්මක් අවශ්‍ය බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ක්ෂණික විසඳුම් මගින් ආසියානු ක්‍රීඩා උළෙල වැනි තරගවලදී රන් පදක්කම් දිනාගත හැකි ක්‍රීඩකයින් නිර්මාණය කළ නොහැකි බවයි.

ශ්‍රී ලංකාව තුළ ලෝක මට්ටමේ දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩකයින් සිටියද, පසුගිය කාලයේ නිසි ක්‍රමවේදයක් සහ පහසුකම් නොමැතිකම නිසා ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අපොහොසත් වූ බවත්,  ආයෝජන මගින් එම අඩුපාඩු සපුරාලිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.