පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී තිබූ ජනාධිපති සමාව අහෝසි කරමින් ලැබුණු අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් සැමවිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ බවයි.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

"මම ඒ ගැන තවම හරියට විස්තර දන්නේ නැහැ. මුකුත් ඒ ගැන මට තවම කියන්න බැහැ."

ඔබතුමා ඒවා හරි අධ්‍යයනයකින්ද ලබා දුන්නේ නැත්තේ?

"ඔව්, ඉතින් ඒක මම මගේ කාලයේ හැටියට මම ගොඩක් සානුකූලව කරලා තියෙනවා. ඉතින් ඊළඟට මට කියන්න බැහැ මේ දැන් මොන තත්ත්වයක් යටතේද කියලා. මොකද 19 වෙනි සංශෝධනය යටතේ මගේ බලතල මං අයින් කළා. මගේ නිල කාලය අයින් කළා. බලතල අඩු කළා. ඊට පස්සේ මගෙන් පස්සේ ආපු රජයේ අය නැවත එය ඉවත් කරලා 19 වෙනි සංශෝධනයේ තියෙන බලතල... 20 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරලා, ඒ තුළ ඉතින් ජනාධිපතිවරයාට විශාල බලතල රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ ගැන කියන්න පුළුවන්කමක් නැහැ."


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදි තිබූ ජනාධිපති සමාව අහෝසි කෙරුණේ සන්ධ්‍යා එක්නැලිගොඩ සහ පාක්‍යසෝති සරවනමුත්තු යන මහත්ම මහත්මීන් ගොණුකර තිබූ පෙත්සම් දෙකක් විභාග කිරීමෙන් පසුවයි.

අධිකරණ තීන්දුව ලැබීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.