පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන  අතර මේ වනවිට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී  කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 130ක් ලබාගත්තා.

වඩාත්ම සාර්ථක පිතිකාරිනිය වූයේ නායිකා ෆාතිමා සනායි.

ඇය පන්දු 36කදී නොදැවී ලකුණු 47ක් රැස්කළා.

තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131 ලබාගත යුතුයි.