ගංජා මිශ්‍ර මදන මෝදක තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු ගල්නෑව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගල්නෑව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එහිදි ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 27යි ග්‍රෑම් 250 ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔසු සලක් පවත්වාගෙන යමින් ඔහු පාසල් ළමුන් ඉලක්ක කර මෙම මදනමෝදක අලෙවි කර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.