බඩල්ගම, ආඩිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම පුද්ගලයා තුවාල ලබා මියගොස් ඇති බවට සැක කරන බවයි.

එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවට හදුනා ගෙන තිබෙනවා.

මෘත ශරීරය සදහා පොලිස් ආරක්ෂාව සපයා ඇති අතර මහේස්ත්‍රාත් පරික්‍ෂණය සිදුකිරීමට නියමිතයි.

එම මරණය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.