යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ දී නාවික හමුදාව අද අළුයම කළ විශේෂ මෙහෙයුමකදි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන සඳහා එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් සහ අයිස් බවයි.
එහි ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 500ක් පමණ බවද, හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 35යි ග්‍රෑම් 700ක් පමණ බවද කිරුම් කිරීමේදී අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝ ග්‍රෑම් 81 කට ආසන්නයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය වෙරළට ගෙනවිත්දැමූයේ කවුරුන්දැයි තවමත් හඳුනාගෙන නැහැ.
සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුවනවා.
මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරන බවට සැක කරන යාත්‍රාවක්ද මෙහෙයුමේදී සොයා ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.






