පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලොව අංක එකේ ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයා වන රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.

ඒ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලකුණු 1,354ක් ලබා ගනිමින්.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානය ජර්මනියේ ජූලියන් වෙබර්ට හිමිව තිබෙනවා.

ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,348ක්.

තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ ග්‍රීනිඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්.

ඒ ලකුණු 1,933ක් ලබා ගනිමින්.

පසුගියදා නිමාවට පත් වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් ඉන්දියාවේ නිරාජ් චොප්රාට නවතම ශ්‍රේණිගත කිරීම් අනුව හිමිව ඇත්තේ හයවන ස්ථානයයි.