ජපානයේ අයිචි නගෝයාහි පැවති ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ , ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ , ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් සහ රුමේෂ් තරංගගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

එහිදී මාධ්‍ය හමුවේ ඔහු කියාසිටියේ තමන් අපේක්‍ෂාවෙන් සිටියේ එම ක්‍රීඩා උළෙලේදි ආසියානු වාර්තාව අලුත් කරමින් හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනා ගැනීමට බවයි.

එහෙත් පැවති වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එම වාර්තාව අලුත් කිරීමට තමන්ට නොහැකි වූ බවද රුමේෂ් තරංග එහිදි කියාසිටියා.