විශිෂ්ටයන්ගේත් විශිෂ්ටතමයා තෝරන ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

ඒ මීටර් 91යි දශම 9ක ඉහල දක්ෂතාවක් දක්වමින්.

ඒ ඒ ඉසව්වේ ලෝක මට්ටමේ ඉහළම දක්ෂතා සහිත කිහිපදෙනෙකුට පමණක් සහභාගී විය හැකිවන පරිදි ලෝක මළල ක්‍රීඩා සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධාන කරනවා.

එහි හෙල්ල විසි කිරීමේ ඉසව්ව පැවැත්වුණේ ශ්‍රී ලංකා වේලාගෙන් ඊයේ රාත්‍රී 9.43ටයි.

ඉසව්වේ ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයන් 8දෙනෙකුට පමණක් ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිව තිබුණා.

රුමේෂ් තරංග මෙම තරඟයට සුදුසුකම් ලබාගත්තේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ක්‍රීඩකයා සහ ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙසයි.

සිය විශිෂ්ටත්වය නැවත තහවුරු කිරීමට එහිදී ඔහු සමත් වුණා.

තරගයේ දෙවන ස්ථානය දිනා ගත්තේ ග්‍රෙනේඩා හි ඇන්ඩර්සන් පීටර්ස් විසින්.

ඔහු මීටර් 86යි දශම 1යි 8ක දක්ෂතාවක් දැක්වූවා.

3වන ස්ථානය දිනාගත්තේ ජර්මනියේ ජූලියන් වෙබර් විසින්.

ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 85යි දශම 8යි 9ක්.

තරඟාවලිය පැවැත්වෙන්නේ හංගේරියාවේ බූඩාපේස්ට්හි දීයි.