රුසියාවේ සැගවී සිටි , සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි සේපාල රත්නායක අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල නැමැත්තා දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින්.

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ රොටුඹ අමිලගෙන් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි එම ස්ථානයේ රැදී සිටින නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිල පැවසුවේ.