ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම තලයේ තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය වන ස්විට්සර්ලන්තයේ ලෝසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.

ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් තරග වැදුණු මෙම ඉසව්වේදී විශිෂ්ට දක්ෂතාවයක් දක්වමින් රුමේෂ් එම තරගයේ රන් පදක්කම හිමිකර කර ගත්තා.

එහිදී රුමේෂ් තරංග දැක්වු දක්‍ෂතාව මීටර 88.14ක්.

ඉන්දියාවේ නිරාජ් චොප්රා මීටර 88.05ක දක්ෂතාවයක් දක්වමින් දෙවන ස්ථානයට පත් වූ අතර, ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පිටර්ස් මීටර 86.69ක දක්ෂතාවයක් දක්වමින් තුන්වන ස්ථානය හිමිකර ගත්තා.