ලෝක ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වී ඇත්තේ "හෙට දිනන දරුවන් උදෙසා - අද දින සුරකිමු සැම මෙලෙසා" (Listen to the Future) යන්නයි.

ලොව පුරා අනාගතය භාරගැනීමට සිටින ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය උදෙසා කැපවීමේ අරමුණින් ලෝක ළමා දිනය සමරනු ලබනවා.

ළමයින්ගේ හඬට සවන්දෙමින් ඔවුන් වෙනුවෙන් සුරක්ෂිත හෙට දවසක් නිර්මාණය කිරීමේ වැදගත්කමයි මෙවර ළමා දින තේමාවෙන් අවධාරණය කෙරෙන්නේ.

මේ අතර "දීර්ඝායුෂ ලබන යුගයක් දිගු ජීවිතයක් උදෙසා පද්ධතීන් නැවත සිතා බැලීම" (The Age of Longevity: Rethinking Systems for Longer Lives) යන්න මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ තේමාව වී තිබෙනවා.

 

 

සමාජයට සහ රටට අසීමිත සේවයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇගයීම වෙවෙනුවෙනුයි ජාත්‍යන්තර  වැඩිහිටි දිනය වෙන්කර ඇත්තේ.

ලෝක ජනගහනයේ ආයු කාලය ඉහළ යාමත් සමඟ වැඩිහිටි පරපුර වෙනුවෙන් සෞඛ්‍ය, ආර්ථික සහ සමාජයීය පද්ධතීන් නව්‍යකරණය කිරීමේ කාලීන අවශ්‍යතාව මෙවර වැඩිහිටි දින තේමාවෙන් පෙන්වා දී තිබෙනවා.

අද දිනයට සමගාමීව දිවයින පුරා පාසල්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන මඟින් ළමුන් සහ වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.