Published
සපුගස්කන්ද, මංකඩ පාර ප්රදේශයේදී විදුලි සැර වැදී විදුලි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 65ක් වූ කඩවත ප්රදේශයේ පදිංචි විදුලි සේවකයෙක් බවයි පොලීසිය පැවසුවේ.
මංකඩ පාර ප්රදේශයේ නව විදුලි කණුවක් ස්ථාපිත කිරීමේදි ඔහු එලෙස අනතුරට ලක්ව තිබෙනවා.
එහිදී විදුලි සැර වැදුණු තවත් විදුලි සේවකයින් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




