විදෙස් රටවල සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් හැත්තෑවකට අධික පිරිසක් දිවයිනට රැගෙන ඒමට පසුගිය කාලසීමාව තුළ හැකි වූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
කටුකරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු බව කියා සිටියා.
මේ අතර රුසියාවේදි අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රොටුඹ අමිල නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
ඔහු ඊයේ පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොලේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පළමුව ප්‍රකාශ සටහන් කර ගත්තා.
ඉන් අනතුරුව රොටුඹ අමිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියා.
අංගොඩ ලොක්කා සහ මාකදුරේ මදූෂ් සමග සමීප සබදතා පවත්වා ඇති රොටුඹ අමිල ක්ලබ් වසන්ත ඝාතනයට ද සම්බන්ධ අයෙක් බවටයි වාර්තා වුණේ.
එමෙන්ම 2016 වසරේ අප්‍රේ්ල් මාසයේ මුල්ලේරියාව ප්‍රදේශයේ දී ද මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබෙනවා.
2019 වසරේ මාර්තු 28 වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මාකදුරේ මදූෂ්ගේ උපන් දින සාදයකදී අත්අඩංගුවට ගත් පිරිස අතර රොටුඹ අමිල ද සිටි අතර ඔහුද දිවයිනට පිටුවහල් කිරීමට එරට බලධාරින් කටයුතු කළා.
ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔහු 2023 වසරේ මැයි 3 වනදා ඇප මත නිදහස්වීමෙන් අනතුරුව රුසියාව බලා පලාගොස් තිබුණා.
කෙසේවෙතත් මෙරට විවිධ අධිකරණ මගින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ අතර ඒ අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන දිවයිනට පිටුවහල් කෙරුණා.




