Published
කූඨ ලේඛන සකසමින් ඔන්ලයින් මුදල් ජාවාරම් සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ කොල්ලුපිටිය ප්රදේශවලදීයි.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීම්වලදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 17 දෙනෙකු සිටින බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් සන්තකයේ තිබි විදේශ ගමන් බලපත්‍ර 62 ක් , අපරාධ සඳහා යොදාගත් ජංගම දුරකථන තොගයක් ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක්, නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 2,000 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම එම සැකකරුවන් සන්තකයේ තිබී කූඨ ලේඛන සැකසීම සඳහා යොදාගත් උපකරණ තොගයක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.




