Published
ඉකුත් 12 වනදා පැවති රැලියකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වී තිබේ දැයි සොයා බලන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පති වරයාට නියෝග කළා.
එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් මෙම ඉල්ලීම කළා.
ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.




