“Samagi Capital (Private) Limited” නමින් ක්‍රියාත්මක ආයතනය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රලාභී කොටස් තැරැව්කාර සමාගමක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් මහජනයාවෙත දැනුම් දෙනවා.
එමෙන්ම මෙම සමාගමට කොටස් තැරැව්කරණය සඳහා බලපත්‍රය ලබා දෙමින් නිකුත් කරන ලද සහතිකයක ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයන් හි සංසරණය වන බවත්, එම සහතිකය මුළුමනින්ම ව්‍යාජ එකක් සහ මහජනතාව නොමඟ යවනසුළු එකක් බවත් සුරැකුම්පත් කොමිසම අවධාරණය කරනවා.
ඒ අනුව කොටස් වෙළෙඳපොළ ආයෝජන වෙනුවෙන්, Samagi Capital (Private) Limited හා අනුබද්ධිත ගිණුම්වලට කිසිදු ආකාරයේ මුදල් තැන්පත් කිරීමක් සිදුනොකරන ලෙසට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මහජනතාව හා ආයෝජකයින් වෙත තරයේ අවවාද කර සිට්නවා.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවි හරහා බලපත්‍රලාභී වෙළෙඳපොළ අතරමැදියන් පිළිබඳ නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස සුරැකුම්පත් කොමිසම වැඩිදුරටත් පැවසුවා.





