ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”‍ශිරාන් බාසික්”‍ නමැත්තා සිය වත්කම් සම්බන්ධයෙන් අනාවරණ කර තිබෙනවා.

ඒ, සිදුකළ පොලිස් විමර්ශන හමුවේයි.

ඔහු හෙළි කළ සියලු තොරතුරු "කණින් කොණින් ඇසුණු කතා" විශේෂාංගයෙන්.

කණින් කොණින් ඇසුණු කතා

'' මේ දවස්වල වැඩිම කතාව ශිරාන් බාසික් ගැන. ශිරාන් බාසික් පළවෙනි වතාවට කටඋත්තර දීලා තියෙනවා කියලා මේ වෙද්දී වාර්තා වෙනවා ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින්. මුලින්ම කටඋත්තර දීලා තියෙන්නේ වැල්ලවත්ත ප්‍රදේශයේ තියෙන හෝටල් සම්බන්ධයෙන් කියලා තමයි කියන්නේ. වැල්ලවත්තේ තිබිලා හෝටලයක් කැඩුවා, ඒක ඔහුට අයිතියි කියලා කිව්වේ, නම "සෝල් බීච්" (Soul Beach). ඒක ගැන තමයි ඔහු මුලින්ම කියලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒ හෝටලය තමන්ට හිමි වෙච්ච ආකාරය පිළිබඳව ඔහු විස්තර කරලා තියෙනවා. "මමට මේක හම්බවුණේ තාත්තගෙන්. තාත්තට ඒක දීලා තිබුණේ තෑගි ඔප්පුවකින්. ඔය තෑගි ඔප්පුව දීලා තියෙන්නේ ආනන්ද අතුකෝරල කියලා කෙනෙක්. එහෙම තමයි මට ඔය හෝටලය හම්බවුණේ" ශිරාන් බාසික් මෙහිදී කටඋත්තර දෙන්න පටන් අරන් තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන කණ්ඩායම් මේ සම්බන්ධයෙන් සොයලා බලලා තියෙනවා මේක ඇත්තද කියලා. බලද්දී මේ ඔප්පුව ව්‍යාජ ඔප්පුවක්. ඒ කියන්නේ මේක තෑගි ඔප්පුවක් කියලා දුන්නට මෙතන කිසිම නීත්‍යානුකූල භාවයක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ ගැන නඩුවක් දැනටමත් තියෙනවා කියලා පරීක්ෂණ වලදී හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මේකෙදි තාත්තටයි, මේක දුන්න කියන මේ නීතිඥවරයාටයි මේ දෙන්නටම නඩු පවරන්න කටයුතු කරලා තියෙනවා. මේක රජයේ ඉඩමක් කියලා තමයි විමර්ශන වලදී අනාවරණය වෙලා තියෙන්නේ. බලයෙන් අල්ලා ගත්තු ඉඩමක් කියලා කියනවා. මේක කිසි කෙනෙකුට අයිති ඉඩමක් නෙමෙයි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ හෝටලයට සුරාබදු බලපත්‍රය ගත්තු හැටි, විදුලිය ගත්තු හැටි, ජලය ගත්තු හැටි මේ සම්බන්ධවද විමර්ශනය කරලා තියෙනවා. මේකෙදි මූලික වශයෙන් අනාවරණය වෙලා තියෙන තොරතුරු තමයි මේකට අරන් තියෙන සුරාබදු බලපත්‍රයත් ව්‍යාජයි. ඒ වගේම මේකට වෙරළ සංරක්ෂණයෙන් හරි, නගර සභාවෙන් හරි නිසි අනුමැතියක් අරගෙන නැහැ කියලත් දැන් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම වතුර අරගෙන තියෙන්නේ, විදුලිය අරගෙන තියෙන්නේ ව්‍යාජව හොර පාරෙන් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේකට ආව ගිය නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ගැනත් තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඔහු හිටපු නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කියලා තමයි කියන්නේ. මෙතැනට සැරින් සැරේ ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. මේ නියෝජ්‍ය අමාත්‍යවරයා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන කෙනෙක් කියලා තමයි දැන් තොරතුරු වාර්තා වන්නේ. මෙයාගේ ෆොටෝ පවා තිබිලා විමර්ශන කණ්ඩායම් වලට හොයාගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ සියල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වෙලා තියෙනවා ඔහුගේ කටඋත්තරයත් එක්කම. ශිරාන් බාසික් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන වලදී මේකට ඇඳිච්ච, ගෑවිච්ච තවත් පුද්ගලයින් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙනවා. "ඕමානි හෝල්ඩින්ග්ස්" (Omani Holdings) කියලා අලුත් කම්පැනියක් පටන් අරන් තියෙනවා ශිරාන් බාසික් ඇතුළු කණ්ඩායම. මේක පටන් අරන් තියෙන්නේ ඇත්තටම ශිරාන් බාසික්ගේ අනුදැනුමෙන්. මේක පටන් ගන්න වැඩේට රෆාක් කාදිල් සහ සම්පත් අත්තලගේ කියන කෙනා සම්බන්ධ වෙලා තියෙනවා. සම්පත් අත්තලගේ ඔබට මතකද? අර ප්‍රශ්න පත්‍රයක් පිටකරපු සිද්ධියට අත්අඩංගුවට ගත්තු ගුරුවරයා, ඔහු කොහොමද මේකට සම්බන්ධ වුණේ? ඒක තමයි කතාව. ඔහු මේකට සම්බන්ධ වෙන්නේ ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ සිද්ධියට ඔහු අත්අඩංගුවට අරගෙන බන්ධනාගාර ගතවෙනවනේ. බන්ධනාගාර ගතවෙලා හිටපු කාලයේ ශිරාන් බාසික් හිටියෙත් බන්ධනාගාරයේ. ඒකෙදි තමයි දෙන්නට දෙන්නා හම්බවෙලා තියෙන්නේ. මේකෙදි මේ කම්පැනියක් පටන් ගැනීම සම්බන්ධයෙන් කතා වෙලා තියෙනවා. ඒ අනුව මේ කම්පැනිය පටන් අරන් තියෙනවා. මේකෙදි වැඩේ කියන්නේ මේ කම්පැනිය වෙනුවෙන් මේ කට්ටිය ශිරාන් බාසික්ගේ තාත්තට මාසෙකට කුලියක් දීලා තියෙනවා. ඒකෙ ගණන ලක්ෂ 8ක්, 8 හමාරක් වගේ වෙනවා. මොකටද තාත්තට කුලියක් දෙන්නේ කියලා දැන් අලුත් ප්‍රශ්නයක්. මේකයි වැඩේ, සෝල් බීච් හෝටලයේ තියෙන ඉඩමේ තමයි මේ කම්පැනිය, නැත්නම් මේ ඕමානි හෝල්ඩින්ග්ස් කියන බිල්ඩිම තියෙන්නේ. ඉතින් මේ බිල්ඩිම වෙනුවෙන් තමයි තාත්තට කුලිය දීලා තියෙන්නේ. බලද්දී මේක කළු සල්ලි සුදු කරපු වැඩක් කියලා පරීක්ෂණ කණ්ඩායම් හොයාගෙන තියෙනවා. ඉතින් සෝල් බීච් එකට ගිය වෙලාවේ වෙරළ සංරක්ෂණ නිලධාරීන්ට බාධා කළා කියලා සම්පත් අත්තලගේට එරෙහිව නඩුවකුත් දාලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම ව්‍යාජ සහතික ඉදිරිපත් කළා කියලත් ඔහුට තවත් නඩුවක් තියෙනවා කියලා ඔන්න දැන් තොරතුරු වාර්තා වෙනවා.''