සීශෙල්ස් රාජ්‍යයට එරෙහිව පාපන්දු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ෆීෆා ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයක් වූ මෙය පැවැත්වුණේ සීශෙල්ස්හි ‘මාහෙ‘ දූපතේදීයි.

තරඟ ප්‍රතිඵලය ගෝල 3 ට 0 ක් ලෙස සටහන් වුණා.

තරගය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූයේ දක්ෂ ක්‍රීඩා විලාශයක්. සීශෙල්ස් ක්‍රීඩකයන්ට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඔවුන් කිසිදු අවසරයක් ලබා දුන්නේ නැහැ.

එසේ තිබියදී ගෝල තුනක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා.

තරගයේ අවසාන සංඥාවත් සමඟම මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් විසින් සමරනු ලැබූයේ ඉමහත් උද්යෝගයෙන්.

මෙය ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙසද සටහන් වනවා.