Published
ගාල්ල, හබරාදූව ප්‍රාදේශීය සභාවේ අද පැවති රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඒ, ජාතික ජන බලවේගයේ සභිකයෙකු බීමතින් සභා රැස්වීමට පැමිණ ඇති බවට විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ සභිකයන් විරෝධය පළකිරීමත් සමඟයි.
විපක්ෂ සභිකයන් කිහිපදෙනෙකු සභාවේ මේසය මත නැග විරෝධය පළ කිරීමත් සමග ඇතිවූයේ නොසන්සුන් තත්ත්වක්.
කෙසේවෙතත් තත්ත්වය පාලනය කිරීමට සභාව කල් තබා පොලිසියද කැඳවූ බවයි එම ස්ථානයේ සිටින නෙත් නිව්ස් ගාල්ල නියෝජිත රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.




