Published
ජාඇල පොලිස් වසමේ ඇවරියවත්ත පාර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකදී හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී සැකකරු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




