2026 ජාතික කණිෂ්ඨ දැල්පන්දු තරගාවලිය අද සහ හෙට කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

”ඇයව බලගන්වන සැබැදියාව” යන තේමාව යටතේ, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සමඟ එක්ව ීඛඔ SLT Mobitel ප්‍රධාන අනුග්‍රහයෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබෙනවා.

නැඟී එන දක්ෂ ක්‍රීඩිකාවන් පෝෂණය කිරීම, කාන්තා ක්‍රීඩාවේ වර්ධනයට දායක වීම සහ ක්‍රීඩාව සඳහා කාන්තා උනන්දුව වැඩි කිරීම තරගාවලියේ ප්‍රධාන අරමුණු වනවා.

සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වන අතර, යොවුන් දැල්පන්දු සංචිතය සඳහා දක්ෂ ක්‍රීඩිකාවන් තෝරා ගැනීම ද මෙහිදී සිදු කිරීමට නියමිතයි.