ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් බලාපොරොත්තුව - හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග 2026 වසරේ ලොව හොදම මලල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබෙනවා.

මෙම සම්මානය සදහා වූ නිර්දේශිත අවසන් ක්‍රීඩකයන් 10 දෙනා ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් අද ප්‍රකාශයට පත් කෙරුණ අතර රුමේෂ් තරංග ද ඔවුන්ගෙන් කෙනෙක්.

වසරේ ලොව හොදම මලල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වූ පළමු ශ්‍රී ලාංකිකයා ද ඔහුයි.

මෙම වසරේ දී සහභාගී වූ  තරග 14 කින් තරග 13 ක්ම ජයග්‍රහණය කිරීමට රුමේෂ් තරංග සමත් වුණා.

අල්ටිමේට් චැම්පියන්ෂිප්, ඩයමන්ඩ් ලීග්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල ද ඊට ඇතුලත්.

මීටර් 92යි දශම 6යි 2ක දක්නෂතාවක්ව දක්වමින් හෙල්ල විසිකිරීම ඉසව්වෙන් නව ජාතික වාර්තාවක්ද පිහිටුවීමට ඔහු සමත් වුණා.

මෙම දක්ෂතා සැලකිල්ලට ගනිමිනුයි රුමේෂ් තරංග 2026 වසරේ ලොව හොදම මලල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබෙන්නේ.

අමෙරිකාවේ කෙනට් බෙට්නාරෙක් (Kenneth Bednarek), ස්ලෝවේනියාවේ ක්ලිස්ජන් චේ (Kristjan Čeh), ඉතාලියේ ඇන්ඩි ඩයස් (Andy Díaz Hernández) සහ බ්‍රසීලයේ ඇලිසන් සැන්ටොස් (Alison dos Santos) ද සම්මානය සදහා නිර්දේශ වී සිටින ක්‍රීඩකයන් අතර වනවා.

ස්වීඩනයේ මොන්ඩො ඩුප්ප්ලෙන්ටිස් (Mondo Duplantis), බොට්ස්වානාවේ කොලීන් කෙබිනාට්ශිපි (Collen Kebinatshipi), බ්‍රිතාන්‍යයේ ජොෂ් කේර් (Josh Kerr), කෙන්යාවේ සෙබස්තියන් සාවේ (Sabastian Sawe) සහ අමෙරිකාවේ ජේකොබ් තර්ප් (Ja’Kobe Tharp) සම්මානය සදහා නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩකයන්.

සම්මානය සදහා මෙම නිර්දේශිත ක්‍රීඩකයන් තෝරාගෙන් ඇත්තේ ලෝක මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයින් ඇතුළු විනිශ්චය මණ්ඩලයක් විසින්.

ඒ අතරින්ය සම්මානය සදහා ජයග්‍රාහකයා තෝරාගැනීම ප්‍රේක්ෂකයින්, ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන් සහ ලෝක මලල ක්‍රීඩා පවුලේ ඡන්ද විමසීමකින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පළමුව දැනට ප්‍රකාශිත නිර්දේශීත නාම අතරින් ක්‍රීඩකයන් තුන් දෙනෙකු අවසන් වටය සදහා තෝරා ගැනීමට නියමිතයි.

එලෙස තෝරාගැනෙන ක්‍රීඩකයන් ලබන නොවැම්බර් මස 10 සහ 11 යන දිනයන්හිදී ප්‍රකාශයට පත් කෙරෙනවා.

සම්මාන උළෙල නොවැම්බර් 29 වනදා මොනාකෝ හිදී පැවැත්වීමට නියමිතයි.