1996 වසරේ එක් දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනිමින් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයට වසර තිහක් සම්පූර්ණ වීම සමරමින් අද ප්‍රදර්ශන තරඟයක් පැවැත්වුණා.

මෙම තරගය පැවැත්වුණේ 1996 එක් දින ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෝක කණ්ඩායමක් අතරයි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවැති මෙම තරඟයේදී 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය සිහිපත් කරමින් අරවින්ද සිල්වා සුපිරි පිතිහරඹයක නිරත වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයින්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තා.

අරවින්ද ද සිල්වා පන්දු පනහකදී ලකුණු 60යි.

මාවන් අතපත්තු ලකුණු 18ක් සහ රොමේෂ්
කලවිතාරණ ලකුණු 17ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 161ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

අවින්ද්‍ර පුෂ්පකුමාර ලකුණු 14ට එක් කඩුල්ලයි.

අර්ජුන රණතුංග ලකුණු 15කට කඩුල්ලක් දවා ගත්තා.

1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූ ඩේව් වට්මෝර් ද මෙම තරඟයට සහභාගී වී සිටීම විශේෂත්වයක්.

ලෝක කණ්ඩායම තරඟයට සහභාගි වූයේ 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූ ඕස්ට්‍රේලියාව ඇඳ සිටි නිල ඇඳුමෙන් වීමද විශේෂත්වයක් වනවා.