ගියවර ගිලිහුණු T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ නැවත දිනා ගැනීමට ඉන්දියාව ඊයේ රාත්‍රී සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 72 කින් ජය ගනිමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිඩිකාවන් නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 183ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට නියමිත පන්දුවාර 20දී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

නායිකා චමරි අතපත්තු ලකුණු 36ක් ලබා ගත්තා.

නිලක්ෂිකා සිල්වා ලකුණු 22යි.

විශ්මී ගුණරත්න ලකුණු 20ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට මෙම දක්ෂතා ප්‍රමාණවත් වූයේ නැහැ.

ඉන්දීය ජයග්‍රහණයේ නියමුවන් වූයේ ශෆාලි වර්මා සහ ස්ම්‍රිති මන්දනායි.

ශෆාලි වර්මා ලකුණු 68ක් සහ ස්ම්‍රිති මන්දනා ලකුනු 59ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම දක්ෂතාව දැක්වූයේ ශ්‍රී චරණීයි.

ඇය ලකුණු 20ට කඩුලු හතරක් දවා ගත්තා.

දීප්ති ශර්මා ලකුණු 19ට කඩුලු 3යි.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව පරාජය වුවත් තරගාවලිය පුරා ඔවුන් දැක්වූ සටන්කාමී ක්‍රීඩා විලාශය විචාරකයන්ගේ ඇගයීමට ලක්වුණා.

දැන් T20 ආසියානු කාන්තා අනුශූරියන් වන්නේ ශ්‍රී ලංකාවයි.