දර්ගා නගරයේ ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුට පහරදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා අලුත්ගම පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ පහරදීමෙන් තුවාල ලැබූ ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු බේරුවල ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පහරදුන් පුද්ගලයා මීට පෙර සිය ජංගම දුරකථනයක් අළුත් වැඩියා කිරීම සදහා එම හිමිකරුට භාරදී තිබෙනවා.

කෙසේවෙතත් එම ජංගම දුරකතනය නිසි ලෙස අලුත්වැඩියා කර නොමැති බවට චෝදනා කරමින් සැකකාර පුද්ගලයා විසින් එම පහරදීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.