ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ සුපිරි ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියේ ඩීසල් මිල ලීටරයක් රුපියල් 10 කින් ඉහළ නංවන බවයි. ඒ අනුව ඩීසල් ලීටර් එක නව මිල රුපියල් 392ක්.

සුපිරි ඩීසල් මිල ලීටරයක් රුපියල් 50 ඉහල නැංවෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 528ක්.

ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 15 කින් ඉහල නැංවෙනු ඇති.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414ක් වනවා.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ භූමිතෙල් මිල සංශෝධනය නොකරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.