ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 63කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවි ලකුණු 165 ක් ලබාගත්තා.

එහිදි තරිදු රත්නායක පන්දු 32කදී ලකුණු 65 ක් රැස්කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් වුණා.

නායක සහන් ආරච්චිගේ ලකුණු 33යි.

ජයග්‍රාහී ලකුණු 166 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 102 ක් පමණයි.

පන්දු යැවීමේදී නුවන් තුෂාර, තරිදු රත්නායක, විජයකාන්ත් වියස්කාන්ත් සහ වනුජ සහන් කඩුළු දෙක බැගින් බිද හෙළුවා.