ශ්‍රී ලංකාව ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව විසින් කිසිදු විශේෂ සම්බාධක තර්ජනයක් සිදුකර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ගමන් ගන්නා, ඇමෙරිකානු සම්බාධකවලට ලක්වූ නෞකා වෙත සේවා සැපවුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පනවන බවට පළවන වාර්තා අසත්‍ය බවයි එම අමාත්‍යාංශයේ විදේශ අමාත්‍යාංශය සදහන් කළේ.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ද්විතීයික සම්බාධක යනු කිසිදු රටක් විශේෂයෙන් ඉලක්ක නොකර සියලු රටවලට පොදුවේ බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරනු ලබන පොදු ප්‍රතිපත්තියක්.
පසුගිය අගෝස්තු 24 වනදා ප්‍රකාශයට පත් කරන ලද මෙම සම්බාධක අනුව, ඇමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකාවලට යම් තැනැත්තෙකු හෝ ආයතනයක් යම් සේවාවක් සපයන්නේ නම්, ඔවුන්ට ඇමෙරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශ වීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් පවතිනවා.
නාවික සහ නෞකා ක්ෂේත්රයේ නියැළි පිරිස් මේ පිළිබඳව දැනුවත්ව සිටින බවත්, පවතින යුදමය වාතාවරණය හමුවේ මෙවැනි නෞකා ඉන්දියන් සාගරයේ පමණක් නොව ලොව පුරා අනෙකුත් සාගර කලාපවල ද ගමන් කරමින් පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
පසුගිය සැප්තැම්බර් මස 15 වනදා වනවිට ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ ඉරාන නෞකා 21ක් ස්ථානගතව තිබූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
එම නෞකා මාතර සිට ගාල්ල, කොළඹ හරහා මීගමුව දක්වා වූ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු කලාපයේ ස්ථානගතව තිබූ බවද එම වාර්තාවල සදහන් වුණා.




