Published
ආසියානු ක්රීඩා උළෙලේ පදක්කම් 288 ක් හිමිකර ගනිමින් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට චීනය සමත් වි සිටිනවා.
මේ වනවිට රන් පදක්කම් 154, රිදි පදක්කම් 71ක් සහ ලෝකඩ පදක්කම් 63 ක් චීනය හිමිකර ගෙන තිබෙනවා.
රන් පදක්කම් 59 ක් සමග පදක්කම් 217ක් හිමිකර ගත් සත්කාරක ජපානය එම ක්රීඩා උළෙලේ පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසු වනවා.
දකුණු කොරියාව එම පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ රැදි සිටින්නේ රන් පදක්කම් 30 ක් ඇතුළුව පදක්කම් 113 ක් හිමි කර ගනිමින්.
මේ අතර ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව මේ වනවිට රන්, රිදී සහ ලෝකඩ එක් පදක්කම බැගින් හිමිකර ගෙන සිටිනවා.
ආසියානු ක්රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයාහිදි පැවැත්වෙනවා.




