පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයෙන් අනතුරුව සිදුවූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ෆීෆා ආයතනය තීරණය කර තිබෙනවා.
ස්පාඤ්ඤය හමුවේ ගෝල 1 ට 0 ක් ලෙස ලැබූ පරාජයෙන් පසුව, ආජන්ටිනා ක්රීඩකයින් සහ සහායක නිලධාරීන් කිහිපදෙනෙකු ස්පාඤ්ඤ ක්රීඩකයින් සමග ගැටුම් ඇති කර ගත්තා.
මෙම සිදුවීමට සම්බන්ධ වූ ආජන්ටිනා ක්රීඩකයින්ට ඉදිරියේදී තරග තහනම් පැනවීමේ අවදානමක් පවතින බවයි ක්රීඩා විචාරකයන් පවසන්නේ.
ඊට අමතරව ආජන්ටිනා පාපන්දු සම්මේලනයට දඩ පැනවීමටද ඉඩ තිබෙනවා.
මේ අතර එංගලන්තයට එරෙහිව පැවති අර්ධ අවසාන තරගයෙන් පසු ආජන්ටිනා ක්රීඩකයන් විසින් ප්රදර්ශනය කළ බැනරයද මේ වන විට මතභේදයට ලක්වයි තිබෙන්නේ.
එංගලන්තය සහ ආජන්ටිනාව අතර අර්බුදයට ලක්ව ඇති ෆෝක්ලන්ඩ් දූපත් සම්බන්ධයෙන් ආජන්ටිනා ක්රීඩකයින් මෙලෙස බැනරයක් ප්රදර්ශනය කළා.
ඒ සම්බන්ධයෙන්ද දැන් ෆීෆා ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.
මේ අතර අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤය හමුවේ ලැබූ පරාජය පිළිබඳ අදහස් දක්වමින් ආජන්ටිනා ක්රීඩක ලියොනල් ස්කැලෝනි පවසා ඇත්තේ ජයග්රහණය මෙන්ම පරාජයද නිහතමානීව භාරගැනීමට තමන් සූදානම් බවයි.



