ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කම සඳහා වන අවසන් තරගයට ඉන්දියාව සහ පකිස්තානය අද සුදුසුකම් ලබාගත්තා.

පකිස්තාන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 6කින් ජය ගනිමින්.

ඉන්දීය කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වැදුණා.

එම තරගය ඉන්දියාව ජය ගත්තේ ලකුණු 124 කින්.

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කම සඳහා වන අවසන් තරගය ලබන 3 වනදා පැවැත්වීමට නියමිතයි.

ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයාහිදි පැවැත්වෙනවා.